Tuesday 23rd of June 2026

English Tamil
Advertiesment


IMF පදයට නටන්තේ නැතිව දැනුම කේන්ද්‍රීව සමාජයක් වෙනුවෙන් ප්‍රකාශන ක්ෂේත්‍රයට දමා ඇති වැට් ඉවත් කරන්න


2026-06-23 1258

 

 - විපක්ෂ නායක -

 

පොත් සඳහා අය කරන වැට් බද්ධ හා වැට් සීමා පද්ධතියේ බලපෑම් රැසක් ඇති බවත් දැනට පවතින තොග මත වැට් පැනවීමෙන් විශාල අලාභයක් සිදුවන බවත් මේ තත්ත්වය මත දේශීය ප්‍රකාශන කරණය සහ දැනුම නිර්මාණය කිරීම පහත වැටී ඇති බවත් මේ නිසා අප රටේ කියැවීමේ සමාජයට බරපතල තර්ජනයක් සිදුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සහ පොත් ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් සමග පැවැති හමුවකදීය.

සිංහල දෙමළ ඉංග්‍රීසි ප්‍රකාශන ක්ෂේත්‍රයේ අනාගතයට මෙය දැඩිව බලපාන බවත් දැනුම ව්‍යාප්ත කිරීමේ ක්ෂෙත්‍රයට ද මෙය විශාල බලපෑමක් බවත් දේශීය සාහිත්‍ය සංස්කෘතික උරුමය හා සංරක්ෂණ සම්බන්ධ ගැටලු තරුණ ලේඛක හා පර්යේෂකයන් සදහා ද මෙය බලපා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ ඉල්ලුම සැපයුම් දාම අතර ගැටලු රැසක් මතුව ඇති බවත් රටේ සාක්ෂරතාව වර්ධනය කිරීමට කඩදාසි හා මුද්‍රණ ද්‍රව්‍ය මත අය කරන බදු හිතකර නොවන බවත් කියැවීම පහත වට්ටවනවට වඩා සාක්ෂරතාව අධ්‍යාපනය වර්ධනය කළ යුතු බවත් එය අප රටේ ක්‍රියාත්මක විය යුතු සුබවාදී තත්ත්වයන් වුවත් අද වන විට පොත් ප්‍රකාශනය හා ආනයනකරුවන් වෙත අධික බරක් පටවා ඇති බවත් මේ තුළ සාක්ෂරතාව ප්‍රවර්ධනය කර අධ්‍යාපනය ප්‍රසාරණය කරනවා කියන එක අභියෝගයක් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පොත් නීතිවිරෝධීව පිටපත් කිරීමද බරපතල ගැටලුවක් වී ඇති බවත් රජයේ ප්‍රකාශන හා වැට් ඉන්වොයිස් නැතිවීම තුළ අගතිගාමී තත්ත්වයක් මතුවන නිසා මේ වැට් බදු ඉවත් කර වැට් සීමා සංශෝධනය විය යුතු බවත් බදු සහන ආදිය සිදුවිය යුතු බවත් මේ ක්ෂේත්‍රය මුහුණ දෙන ගැටලු නැති කරන්න රජයේ මැදිහත් වීම සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් ජනාධිපතිවරයා දැනුම කේන්ද්‍රීය රටක් ගොඩනගන්න ධනාත්මක ප්‍රකාශ විපක්ෂයේ සිට කර ඇති බවත් 18% වැට් එක නිදහස් කරනවා යැයි කිව්වත් අද එය සිදු නොකරන බවත් එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවා මේවා අන්තර්ගත වුවත් අද ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවන බවත් දැන්වත් මේ වු පොරොන්දු ඉටු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එසේම ලෝකයේ දැනුම කේන්ද්‍රීය රටවල මේවා සඳහා බදු සහන ලබා දි ඇති බවත් එක්සත් රාජධානියේ, නේපාලය, බංගලිදේශය යන රටවල පවා මේ වැට් නැති බවත් මේ ප්‍රකාශන ක්ෂේත්‍රයට දැන් හරිහමන් අමාත්‍යාංශයක් පව නොමැති බවත් මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වගකීමක් නොමැති නිසා එය නිවැරදි විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද රජය IMF එක කියන කියන පදයට නටන්නේ නැතිව දේශීයත්වය සුරකිමින් මේ ප්‍රකාශන ක්ෂේත්‍රය සඳහා ඇති වැට් නැති කළ යුතු බවත් මේ තුළින් පොත්පත්වල මිල අඩුකර දරුවන්ගේ උගත්කම ප්‍රවර්ධනය කළ හැකි බවත් දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ඒ තුළින් ගොඩනැගිය හැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment